ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය සහ සැකකරුවෙකු ඊයේ (09) රාත්‍රි 11.45ට පමණ අත්අඩංගුවට පත්ව තිබෙනවා.
පසුගිය මැයි 19 වැනිදා සහ 29 වැනි දා අදාළ හෝටලයට අනර්ථය සිදු කිරීම සහ වෙඩි තැබීම සම්බන්ධයෙන් බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කළ විමර්ශනයකදී මෙම වෙඩි තැබීමට පැමිණි කාර් රථය සහ එහි රියදුරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පිළියන්දල පොලිස් වසමේදීයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 50ක් වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති