එකට සෙල්ලම් කරමින් සිටි දැරියක දමා ගැසූ යකඩ කුරක් ඇනුනු දරුවකු ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි කටාන පොලිසිය පවසයි.
යකඩ කූරකින් මෙම පිරිමි දරුවාට දමා ගැසූ බව කියන අවුරුදු 12ක වයසේ පසුවන පාසැල් සිසුවිය සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මීගමුව කටුවාපිටිය නුගවෙල පාරේ පදිංචිව සිටි ජී .එස් වෙනුරුවන් රන්දික නමැති දස හැවිරිදි පාසල් සිසුවෙකි.
යකඩ කූර දරුවාගේ නළලේ වැදි බරපතල තුවාල සිදුවී තිබිණි යැයි ද රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරයි.
සැකපිට අත්අඩංගුවට ගත් දොළොස් හැවිරිදි පාසල් සිසුවිය මීගමුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ නියෝග මත ළමා නිවාසයක රඳවා තබා ඇතැයිද පොලීසිය පොලිසිය කීය.
මීගමුව කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ උපදෙස් මත කටාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු