දකුණු අප්‍රිකා හිටපු ජනාධිපති ජේකොබ් සූමා බන්ධනාගාරගත කිරීමට එරෙහිව වීදි බැස විරෝධතා පවත්වමින්, කඩසාප්පු සහ සුපිරි වෙළෙඳ සංකීර්ණ කොල්ලකන ඔහුගේ ආධාරකරුවන් විසුරුවා හැරීමට දකුණු අප්‍රිකා රජය හමුදාව කැඳවා තිබේ.
දකුණු අප්‍රිකා රජය නිකුත් කළ නිවේදනයකට අනුව, කැරැලි මර්දන පොලිසියට සහාය දැක්වීමට යොදවා ඇති හමුදා සොල්දාදුවන් ගණන 25,000 කි. දකුණු අප්‍රිකාවේ කැරැලි කෝලහාල මර්දනයට මීට පෙර හමුදාව යෙදවූයේ 1994 වසරේ කළු සුදු ගැටුම් ඇවිලෙද්දී යැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
කලහකාරීව හැසිරුණු 2,200 කට වැඩි දකුණු අප්‍රිකානුවෝ පිරිසක් මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙති. ප්‍රචණ්ඩ ක්‍රියා දරුණු ලෙස වාර්තා වන්නේ ක්වාසූලු නටාල් පළාතෙනි. හිටපු ජනාධිපති සූමාගේ උපන් ගම් පළාත වන්නේ මෙයයි.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ