ජනප්‍රිය ඉන්දීය නිළියක් වන දීපිකා පදුකෝන් ගෙන් එරට මත්ද්‍රව්‍ය මණ්ඩලය පැය 6ක් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.
ඒ, පසුගියදා සියදිවි හානි කරගත් සුශාන්ත් සිං රාජ්පුත් ගේ මරණය හා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණයේ එක් පියවරක් වශයෙන්.
ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඇයගේ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ඇය ඇතුළු හය දෙනෙක්ගෙන් බලධාරීන් ප්‍රශ්න කිරීමට නියමිත අතර තවත් නිළියන් දෙදෙනකුගෙන් ඊයේ දින මෙම ප්‍රශ්න කිරීම් සිදු කරනු ලැබුවා.
සුරූපී සිනමා තාරකාවන් වන සාරා අලි ඛාන්, ශ්‍රාඩා කපූර් ගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිත අතර තවත් නිළියක් වන රාකුල් ප්‍රීට් සිං ගෙන් ඊයේ ප්‍රශ්න කර තිබුණා.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්