බොලිවුඩ් ජනප්‍රිය නළු “සුශාන්ත් සිං රාජ්පුත්”ගේ මරණය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව විභාගයට ගැනීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
ඔහුගේ පෙම්වතිය වන ජනප්‍රිය නිළි “රියා චක්‍රවර්තී” සහ ඇයගේ පවුලේ සාමාජිකයින් ඇතුළු 06 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති එම නඩුව ලබන 5 වන දා සිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
රියා චක්‍රවර්තී විසින් සුශාන්ත් සිං රාජ්පුත් මූල්‍යමය වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද හිරිහැරයන්ට ලක් කර ඔහු සියදිවි හානි කරගැනීමට පෙළඹවූ බවට සුශාන්ත්ගේ පියා විසින් පැට්නා පොලීසිය වෙත පසුගිය දා පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර ඊට අදාළව මෙම නඩුව පවරා තිබේ.
සුශාන්ත් සිං රාජ්පුත් සිය මුම්බායිහි පිහිටි නිවසේ දී පසුගිය ජුනි මස 14 වැනි දා සියදිවි හානි කරගෙන තිබුණි.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්