දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වන කොවිඩ් – 19 වෛරස ප්‍රභේදය මෙරට ව්‍යාප්ත වුවහොත් නව කොවිඩ් රැල්ලක් රට තුළ ඇතිවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.
දකුණු අප්‍රිකානු ප්‍රභේදය සාමාන්‍ය කොවිඩ් -19 රෝගය නිසා ඇති වෙන ඇඟේ ප්‍රතිදේහවලින් මැඩපවත්වන්න පුළුවන්කමක් නොමැති අතර කොවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයෙකුට වුව ද දකුණු අප්‍රිකානු වෛරසය ආසාදනය විය හැකි බව සභාපතිනිය සඳහන් කරයි.
මෙම වෛරසය පැතිරුණොත් අසාධ්‍ය වෙන ප්‍රවණතාවය වැඩිවෙනවා සේම දැඩි සත්කාර ඒකක අවශ්‍යතාවයත් වැඩි වන අතර ජීවිතක්ෂයට පත්වන ප්‍රමාණයත් වැඩිවෙන බව සභාපතිනිය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර අදාළ වෛරස ප්‍රභේදය පාලනය කිරීම සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ප්‍රමාණවත් නොවන බව ද විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති