මෙරටට ඖෂධ සාමාන්‍ය පරිදි ලැබීම ආරම්භ වන්නේ අගෝස්තු මාසයේ සිට බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
එම නිසා ඉදිරි මාස දෙක ඉතා ප්‍රවේසම් වියයුතු බවත් එම කාල සීමාව තුල අත්‍යාවශ්‍ය ඖෂධ තොග ධානපතියන් මාර්ගයෙන් ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
පවතින ඖෂධ හිඟය හේතුවෙන් නිවෙසන්වල ඇති කරන සුරතල් සතුන් මඟින් සිදුවන හානි අවම කර ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
“අපි දකිනවා සෑහෙන ප්‍රමාණයක් බල්ලෝ, පුසෝ වැනි සත්තුන්ව අනවශ්‍ය ලෙස හුරතල් කරන්න ගිහිල්ලා සපාකාලා නැත්නම් හූරගෙන එනවා. මං හිතන්නේ මේ කාල සීමාවේ දී අපි සියලු දේම දැනගෙන මම කියන්නේ ඒවා කරන්න එපා කියලා නෙමෙයි. ඉතාම සුපරික්ෂාකාරීව හැසිරෙනවා නම් ගොඩක් හොඳයි.”
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති