සුඩානයේ අධිකරණ ස්වාධිපත්‍යය හා සාධාරණ යෝජනාවලට ගරු කරමින් එරට සමග සමීප සංවාද හා සහයොගිතා පැවැත්වීමට ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර උප නියෝජිත Dai Bing මහතා ප්‍රකාශ කළේය. මෙහිදී ජාත්‍යන්තර අපරාධ අධිකරණය ස්වාධීනත්වය, විෂය මූලික බව හා සාධාරණ ස්ථාවරය අනුගමනය කළ යුතු බව ද සුඩානය පිළිබඳව ජාත්‍යන්තර අපරාධ අධිකරණය තීරණ ගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේ ඊයේ(29) පැවති විමර්ශනයේදී ඔහු පැවසීය.
සුඩානයේ සාමාන්‍ය පටිපාටිය යළි පිහිටුවීම අධිකරණ යුක්තිය සහතික කිරීමේ පූර්ව කොන්දේසිය බව Dai Bing මහතා කීය. වර්තමානයේ සුඩානයේ ගැටුම් හේතුවෙන් ජනතාවගේ වේදනාවන් ඇතුළු මානවහිතවාදී අර්බුදය උග්‍ර වී තිබේ. කලාපීය සංවිධාන සුඩානය සමග සංවාද පැවැත්වීම ශක්තිමත් කිරීම මගින් කඩිනම් සටන් විරාමයකට එළඹීම ප්‍රවර්ධනය කිරීම හා සුඩානයේ ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා භෞමික අඛණ්ඩතාව රැක ගැනීමට චීනය අනුබල දෙයි. සුඩානයේ සාමය හා ස්ථාවරත්වය මත සුඩාන ප්රශ්නය මනා ලෙස විසඳීම වෙනුවෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය අර්ථකාරී දායකත්වයක් ලබා දිය යුතු බව හෙතෙම අවධාරණය කළේය.
More Stories
පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ලොව පුරා රටවල් එක්ව ක්‍රියා කළ යුතුයි – චීන උප ජනපති
චීන-නෙදර්ලන්ත විදේශ ඇමතිවරුන් අතර සාකච්ඡාවක්
හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම අවහිර කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දැඩි තීරණයක්