ආනයනික සීනි සඳහා පැනවූ බදු වංචාවක් මගින් රජයට රුපියල් බිලියන 15.9ක විශාල මුදලක් අහිමි කිරීම සහ ඒ මගින් ජනතාවට ලැබිය යුතු සහනය නොලැබීම නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් සහනයක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනුකිරීමට තිරණය කර තිබේ.
හෙට (12) දින පෙ.ව 10.00ට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සහ මධ්‍යම කාරක සභික නීතිඥ සුනිල් වටගලගේ සහභාගිත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මෙම පැමිණිල්ල ගොනුකිරීමට නියමිතය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා, විල්මා සමාගමේ සභාපති සජාත් මවුසූන්, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ත දිසානායක සහ නීතිපති යන අය මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් කර තිබේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති