සිව්වැනි ශංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල තරුණ නවෝත්පාදන හා ව්‍යවසායකත්ව තරඟයේ සම්මාන ප්‍රදානෝත්සවය සහ, “ශංහයි සහයෝගිතා සංවිධානයේ තිරසර සංවර්ධන වසර” හුවමාරු ක්‍රියාකාරකමට අදාළ සමාරම්භක උත්සවය ඊයේ (09) චීනයේ ශැන්තුං පළාතේ ඡිංඩෞ නගරයේ පැවැත්විණ.
රටවල් 08 කින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති 12 ක්, එම තරඟයට එක් කර තිබූ 200 කට අධික සංඛ්‍යාවකින් කැපී පෙනුණි.
එම ව්‍යාපෘති 12 අතරට පළමු ස්ථානයේ ත්‍යාගයක්, දෙවන ස්ථානයේ ත්‍යාග 02ක්, තෙවන ස්ථානයේ ත්‍යාග 03ක් සහ විශිෂ්ට ත්‍යාග 06ක් ඇතුළත් වේ. ඒ අතරින් පළමු ස්ථානයේ ත්‍යාගය හිමි වූයේ චීනයෙන් පැමිණි මිනිසුන් රහිත ස්මාර්ට් ගුවන් තොටුපළේ ප්‍රධාන තාක්ෂණය හා නිරූපණය යන ව්‍යාපෘතියට ය. මෙම ව්‍යාපෘතිය මගින් රේඩාර්-වීඩියෝ හරහා කෘත්‍රිම බුද්ධි විශ්ලේෂණය සහ අනෙකුත් තාක්ෂණයන් භාවිත කොට, මිනිසුන් රහිත වාහන සහ ගුවන් යානා ඉහළ නිරවද්‍යතාවකින් සම්බන්ධීකරණය කරන ලද පාලනය කිරීමක් සාක්ෂාත් කර ගෙන තිබේ. මෙය ගෝලීය ස්මාර්ට් ප්‍රවාහන පහසුකම් ගොඩනැගීම සඳහා “චීන විසඳුමක්” සපයයි.
තරඟය අතරතුර, ව්‍යාපෘති අත්සන් කිරීම්, ඉහළ මට්ටමේ සංවාද, වට මේස සාකච්ඡා සහ සහයෝගීතා සම්බන්ධීකරණ ක්‍රියාකාරකම් ද පැවැත්විණ.
More Stories
චීන අගමැති සහ යුරෝපා මහ බැංකුවේ සභාපතිනිය අතර හමුවක්
චීන-අප්‍රිකා ආර්ථික වෙළඳ ප්‍රදර්ශනය චීනයේ Changsha නගරයේ දී ඇරඹේ
වෙළඳ සහ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් චීනය සමග ඇතිකරගත් එකඟතාවයන් මනා ලෙස ක්‍රියාත්මක කරන ලෙස ගෝලීය ප්‍රතිචාර දැක්වූවන් ඇමරිකාවෙන් ඉල්ලයි