එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන පිටකෝට්ටේ සිරිකොත සේවය කරන කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 30ක් ලබාදී තිබේ.
පසුගිය මස වැටුප නොවැම්බර් 25 වැනි දින ගෙවීම සඳහා වික්‍රමසිංහ මහතා මෙම මුදල ලබාදුන් බව පක්ෂයේ වැඩ බලන මහලේකම් ශමල් සෙනරත් මහතා තහවුරු කරයි.
වික්‍රමසිංහ මහතා මේ මුදල් ලබා දී තිබෙන්නේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සේවය කරන කාර්ය මණ්ඩලයේ 36 දෙනෙකුට වැටුප් ගෙවීම සඳහාය.
කුමන ප්‍රශ්න තිබුණද කිසිදු විටක සිරිකොත කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම වික්‍රමසිංහ මහතා කිසි දිනෙකවත් අතපසු කොට නොමැති බවද වැඩබලන මහලේකම්වරයා සඳහන් කරයි.
සෙනරත් මහතා සිරිකොත පරිපාලන නිලධාරියාද වේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති