වත්තල කදිරාන පාලම අසල දී මවක් සිය දරුවා කැලණි ගඟට විසිකර ඇති බව පොලීසිය පවසනවා.
ඊයේ (15) රාත්‍රී අත්වාරුවකින් පැමිණි අදාළ කාන්තාව සිය දරුවා කැලණි ගඟට විසිකර ගඟට පැනීමට උත්සාහ කිරීමේ දී ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන පොලීසියට භාරදී ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව වයස අවුරුදු 5 ක් වන මෙම දරුවා මව විසින් මෙලෙස කැලණි ගඟට විසිකර ඇති අතර ධීවර යාත්‍රා යොදාගනිමින් දරුවා සෙවීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර තවමත් සොයා ගැනීමට හැකියාව ලැබී නැහැ.
වත්තල පොලීසිය විසින් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අද (16) දින වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු