බටහිර අප්‍රිකාවේ සියෙරා ලියොන් රාජ්‍යයේ අගනුවර වන ෆ්‍රීටවුන් හිදී සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයින් 80 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.
අඩි 40 ක් පමණ දිගකින් යුත් ඉන්ධන ප්‍රවාහන රථයක් වෙනත් මෝටර් රථයක ගැටීමෙන් ගින්නක් සහිතව පිපිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
බරපතල පිළිස්සුම් සහිත මරණ 80 ක් මේ වනවිට වාර්තා වී ඇති අතර සියරාලියොන් බළධාරින් සඳහන් කර ඇත්තේ මියගිය පිරිස 100 ඉක්මවා යා හැකි බවයි.
අනතුරෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්