ඕස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නුවර හෙට සිට කොරෝනා නිරෝධායන සීමාවන් තවදුරටත් ලිහිල් කෙරෙනවා.
දින 100කට අධික කාලයක් එහි දැඩි නිරෝධායන සීමාවන් ක්‍රියාත්මක වුණේ නව කොරෝනා රැල්ල මාසයකට අධික කාලයක් පැතීම හේතුවෙන්.
සිඩ්නි නුවර ජනගහණයෙන් සියයට 90ක් පමණ පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමත් සමඟයි හෙට සිට මෙලෙස නිරෝධායන සීමාවන් ලිහිල් කිරීමට එහි බලධාරීන් තීරණය කර ඇත්තේ.
නිවෙස් වෙත කැඳවිය හැකි අමුත්තන්ගේ සංඛ්‍යාව සීමා නොකෙරෙන අතර පිටත එක්රැස්වීම් සඳහා ද අවසර ලබා දී ඇති අතර එම සීමාවන් සියල්ල ලිහිල් කෙරෙන්නේ පූර්ණ එන්නත්කරණය ලැබූවන් සඳහා පමණයි.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ