සිංහරාජ වනාන්තරය තුල කිසිදු වන විනාශයක් සිදුව නොමැති බවට යුනෙස්කෝ ජාතික කොමිසම් සභාව ප්‍රකාශ කරයි.
සිංහරාජ වනාන්තරය තුළ හෙක්ටර්යාර 5ක වපසරියකින් යුත් ජලාශ දෙකක් තැනීම පිළිබඳව ඉල්ලීමක් යුනෙස්කෝ ආයතනයට යොමුකර ඇති බවත් මේ දක්වා එම ඉල්ලීම් වලට යුනෙස්කෝව ප්‍රතිචාර දක්වා නොමැති බව යුනෙස්කෝ ජාතික කොමිසම් සභාවේ ලේකම්, ජනරාල් ආචාර්ය පුංචිනිළමේ මීගස්වත්තේ මහතා පවසයි.
සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ ඇතුළු නිලධාරීන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී සිංහරාජ ලෝක උරුම වනාන්තරය සහ එහි පැවැත්මට බලපාන කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව පවතින තත්වය අවබෝධ කරගැනීමෙන් අනතුරුව අදාළ සංවර්ධන ව්‍යාපෘතිය ඉවත්කරගැනීමට අමාත්‍යවරයා ඇතුළු පිරිස කැමැත්ත පළකර තිබෙන බව ආචාර්ය මීගස්වත්තේ මහතා ප්‍රකාශ කරයි.
සිංහරාජ වනාන්තරය කිසිදු අවස්ථාවක ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් නොමැති බව ආචාර්ය මීගස්වත්තේ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති