කොවිඩ් 19 වෛරසයට එරෙහි සටනේදී ක්‍රියාකාරී දායකත්වයක් සැපයූ සියලු සිවිල් සේවකයින්ට වසර අවසාන මාසයේදී විශේෂ ප්‍රසාද දීමනාවක් ලබාදීමට සිංගප්පූරු රජය තීරණය කර තිබෙනවා.
එම ප්‍රසාද දීමනාව කණිෂ්ඨ සේවකයින්ටද ලබාදීමට තීරණය කර ඇති අතර එය සිංගප්පූරු ඩොලර් 500ක් බවයි එරට රාජ්‍ය සේවා අංශය ප්‍රකාශ කළේ.
මීට අමතරව උසස් තනතුරු දරණ නිළධාරීන්ටද අමතර ඩොලර් 500ක් ගෙවීමට එරට රජය තීරණය කර තිබෙනවා.
වසරේ ගතවූ පළමු මාස 6න් පසුවද සිංගප්පූරු රජය විසින් එරට සිවිල් හා කණිෂ්ඨ සේවකයින්ට ප්‍රසාද දීමනාවක් ලබා දුන්නා.
More Stories
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය