යටත් විජිතවාදයේ ඓතිහාසික සැබෑ පාපය පිළිබඳ ස්වයං මෙනෙහි කිරීමක නිරතවන ලෙස චීනය ඇමරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල් වලින් ඉල්ලයි.
එක්සත් ජාතීන්ගේ ජිනිවා කාර්යාලයේ හා ස්විට්සර්ලන්තයේ සෙසු ජාත්‍යන්තර සංවිධාන වල චීන උප නියෝජිත Li Song තානාපතිවරයා 28වැනිදා පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 51 වන සැසියේ යටත් විජිතවාදයෙන් ඉතිරි ඇති ප්‍රශ්න මගින් මානව හිමිකම් කෙරෙහි එල්ල කරන අහිතකර බලපෑම් පිළිබඳ විවාදයේ දී මේ බව පැවසීය. යටත් විජිතවාදය මානව ශිෂ්ටාචාර ඉතිහාසයේ සුව කළ නොහැකි කැළලකි.
යටත් විජිතව පැවති රටවල් ස්වාධීනව තෝරා ගත් මානව හිමිකම් සංවර්ධන මාර්ගයන්ට ගරු කරන ලෙසත් මානව හිමිකම් ප්‍රශ්න මුවාවෙන් සෙසු රටවල අභ්‍යාන්තර කටයුතුවලට මැදිහත්වීම නතර කරන ලෙසත් චීනය අදාළ රටවල් වලින් ඉල්ලා සිටී. මානව හිමිකම් ප්‍රශ්න දේශපාලනීකරණය කරමින් උපකරණයක් ලෙසට භාවිත කිරීම නතර කළ යුතු අතර මානව හිමිකම් මුවාවෙන් බලහත්කාරයෙන් පාලන තන්ත්රයන් වෙනස් කිරීමට උත්සාහ නොකළ යුතු බව ද චීනය අවධාරණය කරයි.
විවිධ පාර්ශ්ව පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව පිළිබඳ සංකල්පය අනුගමනය කරමින් ගෝලීය මානව හිමිකම් වර්ධනය ඉදිරියට ගෙන යා යුතු යැයි ද Li Song මහතා අවධාරණය කළේය.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්