චීන ජාතික විදේශ විනිමය පරිපාලනය ඊයේ(7) පළ කළ සංඛ්‍යාලේඛනයට අනුව පසුගිය සැප්තැම්බර් මස අග වනවිට චීන විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.11කට අධික ය. එය පසුගිය අගෝස්තු මස අගයට වඩා ඇමරිකානු ඩොලර් බිලියන 45කින් එනම් සියයට 1.42කින් අඩු විය.
පසුගිය සැප්තැම්බර් මස ඇමරිකානු ඩොලර් දර්ශකය ඉහළ යාම හේතුවෙන් ගෝලීය මූල්‍ය වත්කම් මිල සමස්ත ලෙස පහත වැටුණු බව චීන ජාතික විදේශ විනිමය පරිපාලනයේ අදාළ ප්‍රධානියා පැවසීය. විනිමය අනුපාත පරිවර්තනය සහ වත්කම් මිල වෙනස්වීම් ඇතුළු සාධක හේතුවෙන් එම මාසයේ විදේශ විනිමය සංචිත පරිමාණය අඩු විය.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්