බලපත්‍රයක් නොමැතිව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ස්වර්ණමහල් ජුවලර්ස් පෞද්ගලික ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බව නීතිපති සම්බන්ධීකාරක රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළා.
නිසි බලපත්‍රයකින් තොරව මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අදාළ සමාගමේ අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කළ ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
මේ අතර, ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් පුද්ගලික සමාගමේ ඉතිරි තැන්පතුවලින් 50% තැන්පත් කරුවන්ට ගෙවීම අද ආරම්භ කරන බව මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබුණි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති