ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වයංක්‍රීය දත්ත ගබඩාව අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම දත්ත පද්ධතිය මෙහෙය වූ පෞද්ගලික සමාගමට එරෙහිව නඩු පැවරිමට තීරණය කර තිබෙනවා.
ඒ එහි සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතාගේ උපදෙස් මතයි.
මීට දින කිහිපයකට පෙර ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුව පැවැති මෙම දත්ත ගබඩාව මැකී ගොස් තිබු අතර, එහි මෙරට ඖෂධ පිළිබඳ නියෝජිත ආයතන පිළිබඳ මෙන්ම නිෂ්පාදන ආයතන පිළිබඳව තොරතුරු අන්තර්ගත ව තිබුණා.
මේ වනවිටත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති