පාස්කු ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම්ගේ බිරිඳගේ ජංගම දුරකථන අංකය ඔස්සේ අන්තවාදී දේශනවලට එක්වූ තවත් අසූවකට ආසන්න පිරිසක් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.
මේ සඳහා සහරාන්ගේ බිරිඳ වන ෆාතිමා හාදියාගේ දුරකථනයට ලැබුණ දුරකථන ඇමතුම් ලක්ෂයක් පමණ අධ්‍යයන කරමින් සිටින බව විමර්ශන නිලධාරියකු අනාවරණය කළේය.
මෙම විමර්ශනවලදී අන්තවාදී මත උගන්වන දේශන සඳහා එක්වූ එකසිය පනහක පමණ පිරිසක් ගැන අනාවරණය වී ඇත. එයින් දැනට අත්අඩංගුවට ගෙන ඇත්තේ හැත්තෑවකට ආසන්න පිරිසකි.
සහරාන් හෂීම්ගේ බිරිඳගේ පියා ඇතුළු සිව් දෙනකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාස ඊයේ (23) අත්අඩංගුවට ගත්තේ ද මෙම අන්තවාදී දේශනවලට සහභාගිවීම හා ඒවා මෙහෙයවීමේ චෝදනාවටය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති