සයිබර් අපරාධ තුරන් කිරීම සඳහා චීනය අසල්වැසි රටවල් සමග සහයෝගයෙන් කටයුතු කරයි.
මෙවර තායිලන්ත අගමැතිනි Paetongtarn Shinawatra මහත්මියගේ චීන නිල සංචාරයේදී අන්තර්ජාල අපරාධ සහ විද්‍යුත් වංචා තුරන් කිරීම පිළිබඳ කරුණු වෙත අවධානයක් යොමු කර ඇත. එවැනි අපරාධ මැඩලීම, ජනතා කේන්ද්‍රීය සංකල්පය ක්‍රියාත්මක කිරීම, කලාපීය රටවල් පොදු ප්රතිලාභ ආරක්ෂා කිරීම සහ විවිධ රටවල ජනතාවගේ පොදු අපේක්ෂාව ඉටු කිරීම සඳහා අත්‍යවශ්‍ය පියවරක් බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද (7) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.
ඒ සඳහා, චීනය තායිලන්තය සහ මියන්මාරය ඇතුළු අසල්වැසි රටවල් සමග සහයෝගීතාව සක්‍රියව පවත්වා ගනිමින් සිටී. සයිබර් අපරාධකරුවන් අදාළ රටවල අපරාධ සිදු කිරීම වැලැක්වීමට විවිධ පියවර ගනිමින් ඒ ප්‍රශ්න ප්‍රායෝගිකව විසඳා ගැනීමට උත්සාහ කරන බව ද ඔහු කියාසිටියේය. ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම සහ කලාපීය රටවල සහයෝගීතාවය තහවුරු කිරීම සඳහා එම රටවල් සමග එක්ව ක්‍රියා කරන බව Lin Jian මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ