චීනය නිපදවන සයිනොපාම් එන්නත (SINOPHARM) ලබාදෙන්නේ හොඳම මිලට සහ වේගවත්ම බෙදාහැරීමක් ඔස්සේ බව චීනය පවසයි.
බංග්ලාදේශය චීනයෙන් එන්නත් මාත්‍රාවක් ඇමරිකානු ඩොලර් 10 කට මිල දී ගෙන ඇති බවට පළවන මාධ්‍ය වාර්තාවලට පිළිතුරු දීම සඳහා කොළඹ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.අදාළ ජනමාධ්‍ය වාර්තා ඔස්සේ චෝදනා කර තිබුණු ආකාරයට චීනය බංග්ලාදේශයට සයිනෝපාම් මාත්‍රාවක් ඩොලර් 10 බැගින් මාත්‍රා මිලියන 15ක් ලබාදීමට එකඟවී ඇත. නමුත් ශ්‍රී ලංකාවට එය අලෙවි කරනුයේ ඩොලර් 15ක මුදලකටය. බංග්ලාදේශයේ ‘ඩේලි ස්ටාර්’ පුවත්පත් එකක් ඩොලර් 10 බැගින් මාත්‍රා මිලියන 15 මිලදී ගැනීමට එරට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පසුගිය බ්‍රහස්පතින්දා (27දා) හිමිව ඇති බවට වාර්තා කර තිබිණි. මෙරට ජනමාධ්‍ය වාර්තාවලට පදනම්වී ඇත්තේ එම වාර්තාවයි.
කෙසේවෙතත් චීන තානාපති කාර්යාලය ඉහත ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන අතර මිල ගණන් ඇතුළු ඔවුන්ගේ ප්‍රසම්පාදන ගිවිසුම තවමත් අවසන් කර නොමැති බව බංග්ලාදේශ සෞඛ්‍ය ඇමැතිවරයා පසුගිය සතියේ පැහැදිලි කර ඇති බවත් ප්‍රකාශ කරයි.එසේම එන්නත් මිලදී ගන්නා මිල ගණන් ජනමාධ්‍ය වෙත අනාවරණය කිරීම බංග්ලාදේශ සෞඛ්‍ය ඇමැති සහිඩ් මාලෙක් විසින් ද ප්‍රතික්ෂේප කර තිබිණි.
මේ අතර මෙරට කැබිනට් මණ්ඩලයද සයිනෝපාම් එන්නත් මාත්‍රා මිලියන 14ක්, එකක් ඩොලර් 15 බැගින් මිලදී ගැනීමට පසුගිය සතියේ අනුමැතිය ලබා දුන්නේය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්