මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුරුණෑගල නගරයේදී මීගමුව පොලිසියේ විමර්ශන කණ්ඩායමකට භාරවීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
මීගමුව බන්ධනාගාරයේ රැදවියන්ට පහසුකම් සැපයීමයි මොහුට විරුද්ධව එල්ල වී ඇත චෝදනාව.
ඔහු ඇතුලු හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ ජූලි 22 වන දිනයි.
ඒ අනුව වරෙන්තු ලැබූ නිලධාරීන් තුන්දෙනෙකු මීට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සහ අධිකරණය වෙත භාර වී තිබුණා. ඒ අනුව ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියම කළා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්