ඊයේ (14) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමේදී ඉන්ධන මිල සම්බන්ධයෙන් කිසිවක්ම සාකච්ඡා නොකෙරුණු බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.
“නෑ නෑ නෑ. තෙල් මිල ගැන වචනයක්වත් අද කතා කළේ නෑ. තෙල් මිල අඩුකිරීමක් ගැන එහෙම කිසිම දෙයක් නෑ, තෙල් මිල වැඩිකරන්න ඊයේ ගම්මන්පිල ඇමතිතුමාත් කරුණු පැහැදිලි කළා. ඉතිං ඒ ඇරෙන්න මේ .. වෙන කිසිම දෙයක් කතා කළේ නෑ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
එස්. එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව ජනාධිපති කාර්යාලයෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති