තරුණ පරපුර මේ වන විට අපේක්ෂාභංගත්වයට පත්ව ඇති අතර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම වෙනුවෙන් පවතින තදබදය තුලින්ම එය මනාව පැහැදිලි වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සමගි විහිදුම් බලගණය ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.
මේ අතර තරුණ අසහනය පිළිබඳ කොමිෂන් වාර්තාවේ නිර්දේශ රැසක් මේ වන විට උල්ලංඝනය වී ඇති බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.
වර්තමානයේ අවශ්‍යව ඇත්තේ සහභාගීත්ව රාජ්‍ය පාලනයක් වන අතර ඇති හැකි නැතිබැරි ප්‍රවනතාවය අතිශය බරපතළ තත්වයක් බවට පත්ව ඇති බවයි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති