පක්ෂ විනය නීති රීති උල්ලංඝනය කරමින් කැබිනට් හා රාජ්‍ය ඇමැති ධුර ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සහ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබා දෙන පළාත් පාලන මන්ත්‍රිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.
පක්ෂ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ. ඒ සඳහා තීන්දු තීරණ ගැනීමට නීතිඥවරන් තිදෙනකුගෙන් යුත් කමිටුවක් ද පත් කෙරුණි.
හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර යන සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වත්මන් ආණ්ඩුවේ ඇමැති ධුර ලබා ගෙන තිබේ. අරවින්ද කුමාර් සහ ඩයනා ගමගේ යන මන්ත්‍රිවරුන් රාජ්‍ය අමාත්‍ය ධුර ලබාගෙන තිබේ.
මේ අතර පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා කැඳවීමට පෙර සම්මුඛ පරීක්ෂණ පවත්වා අපේක්ෂකයන් තෝරා ගැනීමටද සමගි ජන බලවේගය සූදානම් වෙයි. අපේක්ෂකත්වය ලබා ගැනීමට තොරතුරු විමසන පිරිස වැඩි බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර කෘත්‍යාධිකාරි මණ්ඩලයට දැනුම් දී තිබේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති