එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයින් 38 දෙනෙකු සම්බන්ධයෙන් ලබන 10 වැනිදා දක්වා ඉදිරි පියවර නොගන්නා ලෙස අභියාචනාධිකරණය අද දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට අද දැනුම් දුන්නේ ය.
ඒ, සමගි ජනබලවේග පක්ෂයට සහාය ලබාදීම නිසා තම එක්සත් ජාතික පක්ෂ පක්ෂ සාමාජිකත්වයත් අහෝසි කිරීමට එරෙහිව ඔවුන් ගොනු කළ පෙත්සම් සළකා බලමින් ය.
අදාළ පෙත්සම්වලින් එම 38 දෙනා ඉල්ලා සිටියේ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.
එමෙන්ම එලෙස කළ බවට ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටියේ ය.
කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන නියෝජනය කරන 38 දෙනෙකු ගොනු කළ පෙත්සම් අද දින අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේ අද සලකා බැලුණි.
ලබන 09 වැනිදා පෙත්සම් වැඩිදුර සළකා බැලේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති