සපුගස්කන්ද ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 23ක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.
එසේම එක් සැකකරුවෙක් ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
සැකකරු 37 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර ඔහු ප්‍රදේශයේ වඩු මඩුවක් පවත්වාගෙන ගොස් තිබේ.
හෙරොයින් ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බව පොලීසිය පැවසීය.
එම පොලිස් නිලධාරියා අදාළ සැකකරුගේ සහෝදරයෙකු වන බව ද පොලීසිය සඳහන් කළේය.
More Stories
ආනයනය කළ පළමු පොල් කිරි තොගය රසායනාගාර පරීක්ෂාවට යොමු කෙරේ
කොළඹ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනයට බාධා
ඩොලරය අදත් පහළට