සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන ඇපමත මුදාහරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද (21) නියෝග කර තිබෙනවා.
සතොස ට අයත් රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා අද නියෝග කළේ වෙනුර ගුණවර්ධන රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි.
More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු