සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළකර ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්.
සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත, කෙටුම්පත් කිරිමේ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා 2020 වසරේ ඔක්තොම්බර් මස 19වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මීට පෙර අනුමැතිය ලබාදී තිබුණා.
ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කර ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරාගේ විෂ්කාශනය ලැබී ඇති බව සඳහන්.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති