පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ තවත් සති දෙකක කාලයක් සඳහා පමණක් බාධාවකින් තොරව ජල සැපයුම සිදුකළ හැකි බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරනවා.
දැනටමත් ජල සැපයුම අඩාල වි ඇති උස්බිම් ප්‍රදේශ වලට බවුසර් මගින් ජලය බෙදා හැරීමට දැනටමත් කටයුතු කර ඇති බවයි, එම මණ්ඩලයේ සාමන්‍යාධිකාරි තිළින විජේතුංග මහතා කියා සිටියේ.
සුගිය නොවැම්බර් 18 වනදා සිට ජලය ඝන මිටර එක්ලක්ෂ අසුදහසක් නිපදවිය හැකි නව ජලපිරිපහදුවක් අඹතලේ දකුණු ඉවුරේ ස්ථාපිත කර තිබෙනවා.
මේ හේතුවෙන් කොළඹ, කැළණිය සහ මහර ප්‍රදේශ සදහා ජලය බෙදා හැරීමේ ගැටලුවක් මෙතෙක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්