ජනතා විරෝධී ක‍්‍රියාවලියට එරෙහි ව සමගි ජන බලවේගය විසින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් සහ ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන දෝෂාභියෝගය සඳහා අත්සන් ලබා ගැනීම මේ දිනවල සිදු කෙරෙනවා.
විපක්ෂ නායක හා සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මේ ස
දහා අත්සන සටහන් කරනු ලැබුවේ විපක්ෂ නායක කාර්යාලයේ දීයි.
එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ආණ්ඩුවට එරෙහි ව මහපාරේ අරගල කරන ජනතාවගේ හදගැස්ම සමඟ සමගි ජන බලවේගය එකට හිටගන්නා බවයි.
ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී ගත හැකි සියලු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහණය ලබා ගැනීම උදෙසා කටයුතු කරන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා.
මෙම විශ්වාසභංගය සහ දෝෂාභියෝගයට අත්සන් ලබාගැනීම අද දිනයේත් සිදු කිරීමට නියමිතයි.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති