ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 816,191ක් බවයි.
ඉන් අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළදී සංචාරකයින් 93,915ක පිරිසක් මෙරටට පැමිණ ඇත.
අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ අප්‍රේල් 12වනදා වන අතර, එදින 7,585ක පිරිසක් පැමණ ඇත.
එමෙන්ම එම කාලසීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එම පිරිස 18,220ක් ලෙස සහන්විය.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු