සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබෙන ආදායම මගින් ශ්‍රී ලංකාවේ මූල්‍ය ගැටලුවලට සෘජුව විසඳුම් ලබාගැනීමට හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
2035 වසර වන විට ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ක් සංචාරක ව්‍යාපාරයට බවත් ඒ සඳහා ශ්‍රී ලංකාව ද සූදානම් කළ යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.
ආරුගම්බේ සංචාරක කර්මාන්තයේ නියුතු ව්‍යාපාරිකයන් සමඟ පැවති හමුවක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව කියා සිටියේය.
ආරුගම්බේ සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මෙන්ම ඉහළ ආදායමක් ඉපැයිය හැකි සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති