මේ වන විට රට තුළ ක්‍රියාත්මක සංචරණ සීමා තවදුරටත් දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමය පෙන්වා දෙන්නේ පසුගිය කාලයට සාපේක්ෂව කොවිඩ් ආසාදිතයින් සියයට 12ක් දක්වා වර්ධනය වී ඇති බවයි.
එමෙන්ම කොවිඩ් මරණ සංඛ්‍යාව ද සියයට 28කින් වර්ධනය වී ඇති බව එම සංගමය පෙන්වා දෙයි.
එම වැඩිවීම දිනෙන් දින රෝහල් පද්ධතියට දරාගත නොහැකි වන අයුරින් ඉහළ යමින් තිබෙන බවත්, මෙය තවදුරටත් වර්ධනය වුවහොත් එම තත්ත්වය රෝහල් පද්ධතියට දරාගත නොහැකිවනු ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කරයි.
මීට අමතරව එන්නත්කරණ වැඩසටහන විනිවිද භාවයකින් යුක්තව සිදුකළ යුත බව එම සංගමය පෙන්වා දෙයි.
මෙම කරුණු සියල්ලක්ම සදහන් කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් භාරදී තිබේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති