Lanka Plus News

www.lankaplusnews.com

සංචරණ සීමා ගැන තීරණාත්මක සාකච්ඡාව අද

රට තුල පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ තව දුරටත් සංචරණ සීමා පනවනවාද යන්න සම්බන්ධයෙන් අද දිනයේ අදාල අංශ සාකච්ඡා කර තීරණයකට එළඹෙනු ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

කෙසේ වෙතත් නිරෝධායන ඇඳිරි නිතිය පැනවීම සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව හමුදාපතිවරයා වැඩිදුරටත් නිවේදනය කළා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com