ෂින්ජ්‍යංහි මායිම් ප්‍රදේශයට පැමිණ අධ්‍යාපන ව්‍යාපාරය සඳහා එක්ව සිටින ස්වේච්ඡා සේවක කණ්ඩායම වෙත චීන ජනපතිගෙන් පිළිතුරු ලිපියක්

ෂින්ජ්‍යංහි මායිම් ප්‍රදේශයට පැමිණ අධ්‍යාපන ව්‍යාපාරය සඳහා එක්ව සිටින ස්වේච්ඡා සේවක කණ්ඩායම වෙත චීන ජනපති පිළිතුරු ලිපියක් යොමු කරයි.

මැයි හතර වනදාට යෙදෙන තරුණයින්ගේ දිනය නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ෂින්ජ්‍යං ප්‍රදේශයේ Kizilsu Kirgiz ස්වයං පාලන දිස්ත්‍රික්කයේ Atush නගරයේ Karajol උපගම්මානයේ පිහිටි Xieyite ප්‍රාථමික පාසලේ සේවය කරන ස්වේච්ඡා සේවකයින් වෙත පිළිතුරු ලිපියක් යොමු කර ඇත. එහිදී රටේ සමස්ත තරුණ පරපුරට සුබ පැතුම් එක්කරමින් ඉදිරි අපේක්ෂාවන් ද සඳහන් කර තිබේ.

 එම ස්වේච්ඡා සේවක කණ්ඩායම චීන කොමියුනිස්ට් පක්ෂයේ මුලපිරුමට ප්‍රතිචාර දක්වමින් රටේ බටහිර මායිම්  ප්‍රදේශයේ අධ්‍යාපන සේවයට එක් ව සිටින බව ෂී ජින්පිං මහතාගේ ලිපියේ සඳහන් වේ. එම කණ්ඩායම ප්‍රාදේශීය අධ්‍යාපන ව්‍යාපාරය, එහි විවිධ ජන වාර්ගිකයින් අතර සමගිය, මායිම් ප්‍රදේශයේ ස්ථාවරත්වය හා ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට දායක වෙමින් ස්වයං දියුණුව ද සාක්ෂාත් කර ගෙන ඇතැයි ඔහු ප්‍රකාශ කළේය. රටේ තරුණ පරපුර සිය විශ්වාසයන්හි දැඩිව එල්බ සිටිමින් මව්රටටත් ජනතාවටත් වඩා වැඩි අවශ්‍යතාවන් සහිත ප්‍රදේශවලට යොමු වී එහි චීන මාදිලියේ නවීකරණයේ සංවර්ධනයට සිය තාරුණ්‍යයේ ශක්තිය තිළිණ කරනු ඇතැයි අපේක්ෂා කරන බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

Xieyite ප්‍රාථමික පාසලේ ස්වේච්ඡා සේවක කණ්ඩායමේ සාමාජිකයින් මෑතකදී ෂී ජින්පිං ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත. එහිදී ඔවුන් රටේ මායිම් ප්‍රදේශයේ අධ්‍යාපන ව්‍යාපාරයට එක්වීමේ තත්ත්වය හා සිය අදහස් සඳහන් කරමින් බටහිර ප්‍රදේශය මෙන් මායිම් ප්‍රදේශය සඳහා කැපවීමෙන් යුතුව වැඩකටයුතුවල නිරත වීමේ සිය අධිෂ්ඨානය ප්‍රකාශ කර ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com