ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල මුදල් ඇමතිවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ දී මුදල් හා මූල්‍ය සහයෝගිතා පැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ.
එම රැස්වීම චීන මුදල් ඇමති Lan Fo’an සහ මහ බැංකු අධිපති Pan Gongsheng යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(03) බෙයිජිං හිදී පැවැත්විණ.
අදාළ වැඩපිළිවෙළ ඔස්සේ කලාපීය මුදල් හා මූල්‍ය සහයෝගිතා තහවුරු කිරීමට රැස්වීමට එක්වූ විවිධ පාර්ශ්වයන්ගේ සහාය හිමි වී ඇත. ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සංවර්ධන බැංකුව ස්ථාපිත කිරීමට ඉදිරියට මෙහෙයවීම, එම සංවිධානයේ මුදල් හා මූල්‍ය බුද්ධි මණ්ඩල ජාලයක් පිහිටුවීම ඊට ඇතුළත් ය.
එසේ ම, ගෝලීය හා කලාපීය ආර්ථික හා මූල්‍ය තත්ත්වයන් හා ඊට අදාළ අභියෝග රැස්වීමේ දී පුළුල් අයුරින් සාකච්ඡාවලට ලක් කෙරුණු අතර, විවිධ රටවල මූල්‍ය සංවර්ධනය, හරිත පරිවර්තනය ඇතුළු ක්ෂේත්‍රයන් හි ප්‍රතිපත්තිමය අත්දැකීම් බෙදා ගැනීම ද සිදු විය.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ ඉරාන-ඊශ්‍රායල විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සාකච්ඡා
දකුණු චීන මුහුදු කලාපයේ සිදු වන ඕනෑම හමුදා මෙහෙයුමයක් සිය පාලනය යටතේ පවතී–චීන හමුදාව
චීන-මධ්‍යම ආසියානු සහයෝගීතාවය කැළඹිලි සහිත ලෝකයකට වැඩි ස්ථාවරත්වයක් ගෙන එයි