ගෝලීය තත්ත්වය හා සැසඳීමේදී ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මරණ අනුපාතය තවදුරටත් පහළ වැටී ඇති අතර කොරෝනා ආසාදිතයින් සුවපත් වීමේ අනුපාතය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. මේ අනුව මෙරට කොරෝනා ආසාදිත මරණ අනුපාතය සියයට 0.55ක් වන අතර කොරෝනා ආසාදිතයින් සුවපත් වීමේ අනුපාතය සියයට 78.45 ක් බව එම කාර්යාංශය කියයි.
ගෝලීය වශයෙන් ගත් විට කොරෝනා මරණ අනුපාතය සියයට 5.12ක් වන අතර කොරෝනා ආසාදිතයින් සුවපත් වීමේ අනුපාතය සියයට 54.01ක් වන බව වාර්තා වේ.
මේ අතර ඊයේ (24දා) දිනයේ කොරෝනා ආසාදිතයින් 14 දෙනකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබූ අතර, එම සංඛ්‍යාවත් සමගම මෙතෙක් මෙරට සුවපත් වී රෝහල්වලින් පිටව ගොස් ඇති මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1562ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට සිදු කර ඇති කොරෝනා ආසාදිතයින්
හඳුනාගැනීමේ පී. සී. ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ උදෑසන වන විට 98,634 ක් වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. පෙරේදා (23දා) දිනයේදී එම පරීක්ෂණ 1232 ක් සිදු කර තිබිණි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්