අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නියෝග කරනු ලැබිය.
ඒ , ඔවුන් අද ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුනාරත්න මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු තවත් සැකකරුවන් පිරිසකට විරුද්ධව අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීමේ චෝදනා සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් අතර එලෙස අත්අඩංගුවට ගත් සෙසු පුද්ගලයින් වන්නේ ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක රෝහණ මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරික්ෂක එව්.ඩී නවරත්න ප්‍රේමතිලක යන පුද්ගලයින්ය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති