නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්වු පළමු ශ්‍රී ලාංකිකයා බවට ලාංකික සම්භවයක් සහිත වනුෂි වෝල්ටර්ස් සමත්වී තිබෙනවා.
39 හැවිරිදි ඇය එරට කම්කරු පක්ෂය නියෝජනය කරමින් වයඹ දිග ඕක්ලන්ඩ් කළාපයේ අපර් හාබර් ආසනය වෙනුවෙන් තරග කළා.
එහිදී ඡන්ද 14,142 ක් ලබාගනිමින් නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්වීමට වනුෂි වෝල්ටර්ස් සමත්ව තිබෙනවා.
ශ්‍රී ලංකාවේදී උපත ලබා තිබූ ඇය වයස අවුරුදු 05 දී නවසීලන්තයට සංක්‍රමණය වී තිබුණා.
කලක් මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙසද වනුෂි වෝල්ටර්ස් කටයුතු කර තිබෙනවා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්