අවුරුදු හයකට පෙර නතරවූ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් සේවා අද උදෑසන සිට යළිත් ආරම්භ කරමි, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
2015 වසරේ සිට නතර වූ ගුවන් ගමන් සේවාව යළිත් මෙසේ ආරම්භ වීම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට මහත් රුකුලකි .
රුසියාවේ මොස්කව් නුවර ඩොමෙඩෙඩෝවෝ ගුවන් තොටුපළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් ගුවන් යානය අද උදෑසන 06.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
එම ගුවන් යානය දෙස් විදෙස් සංචාරකයන් 51 දෙනකු රැගෙන පැමිණ සිටි අතර,එම පිරිස අතර රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ළමාහේවා මහතා ද සිටියේය.
මෙම ගුවන් ගමන සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ.330 – 300 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර , එම ගුවන් යානය තුළ පිරිමැසුම්දායක පංතියේ ආසන 269 ක් සහ ව්‍යාපාරික පංතියේ ආසන 28 ක් ද තිබේ .
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති