කෝවිඩ් තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබාදෙන 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්රමයේ ඉල්ලුම්පත් භාරගැනීමේ අවසන් දිනය සැප්තැම්බර් 30 වන දා දක්වා දීර්ඝ කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, පසුගිය 19 වන දා පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයින්ට “සෞභාග්‍යා කොවිඩ් -19 පුනරුද සහන ණය පහසුකම්” යටතේ මෙම අයදුම්පත් සැප්තැම්බර් මස 30 දක්වා අදාළ බලපත්‍රලාභී බැංකුවලට ඉදිරිපත් කළ හැකියාව පවතී.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට ව්‍යාපාර සඳහා වාර්ෂිකව 4%ක සහන පොළී අනුපාතිකයක් යටතේ කාරක ප්‍රාග්ධන ණය පහසුකම් සැපයීම සඳහා මෙම ණය වැඩසටහන පසුගියදා හඳුන්වා දුන්නේ ය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති