කොවිඩ් -19 ආසාදිතයින් වාර්තාවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය දරුණු අතට පත්වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
කොවිඩ් -19 ආසාදිතයින් රෝහල්ගත කිරීම්වල වැඩිවීමක් ශ්‍රී ලංකාවේ පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් පෙන්වා දෙයි.
ඉන්දියාවේ පවතින තත්ත්වය පිළිබඳව ද දැඩි අවධානයෙන් පසුවන අතර ඊට අමතරව නේපාලය, ශ්‍රී ලංකාව, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය සහ ඊජිප්තුව යන රටවල් ද හදිසි අවශ්‍යතා සහිත රටවල් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි.
මෙම වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එකම පියවර එන්නත් ලබාදීම සහ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.
- Aruna news
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්