ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම විසදීම සදහා දී ඇති නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කොට මාස දෙකක් තුළ එම වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස රජයේ ගිණුම් පිළිබද කාරක සභාව වනජීවි සහ වනසංරක්ෂණ අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.
අලිමිනිස් ගැටුමට අදාල විසදුම් සෙවීම සදහා ජනාධිපතිවරයා විසින් පත්කළ ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතාගේ සභාපතීත්වයෙන් යුතු විශේෂ කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව මේවන විට ජනාධිපතිවරයාට පිළිගන්වා අවසන්.
ඊට අමතරව විද්වත් කමිටුවක් විසින් 2006 වසරේදි සැකසූ ජාතික ප්‍රතිපත්තිය ද සමාලෝචනය කර මෙම ක්‍රියාකාරි සැලැස්ම සකස්කරන ලෙසටයි කෝපා කමිටුව දැනුම් දී ඇත්තේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති