ශ්‍රී ලංකාවට යුධමය ආධාර දීම වහා අත්හිටුවන ලෙස ඉල්ලමින් මෙල්බර්න් සහ සිඩ්නි නගරවල විරෝධතා පවත්වා තිබේ.
මානව හිමිකම් සහ ද්‍රවිඩ සංවිධාන රැසක් මෙම විරෝධතා සංවිධාන කර ඇති බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් කඩවන බව දැන දැනත් අගමැති මොරිසන්ගේ රජය ශ්‍රී ලංකා යුධ හමුදාවට සහ පොලිසියට අඛණ්ඩව ආධාර සපයන බව විරෝධතාකරුවන්ගේ චෝදනාවයි.
ඉතාම මෑතකදී ශ්‍රී ලංකාවට පිරිනැමූ ඩ්‍රෝන 05 ක පරිත්‍යාගය ඊට ආසන්නම උදාහරණය බව ඔවුන් සඳහන් කලා.
එමෙන්ම ලාංකික සරණාගතයන්ට ඔස්ටේ්‍රලියා රජය සළකන ආකාරය පිළිකුල් සහගත බවද විරෝධතාකරුවන් ප්‍රකාශ කර තිබෙනවා.
- AusLanka tv
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති