කොරෝනා එන්නත් දෙකම ලබාගත් සංචාරකයන් පළමු දිනයේ කොරෝනා පරීක්ෂණයකින් ආසාදිතයකු නොවන බවට තහවුරු වුවහොත් ඔවුනට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට අවස්ථාව හිමි වන බව සංචාරක අධිකාරිය පවසයි.
කෙසේ වෙතත් එම සංචාරකයන් සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත කළ පරීක්ෂණාගාරයකින් සංචාරයේ හත්වැනි දිනයේදී නැවතත් කොරෝනා පරීක්ෂණයක් සිදුකර ගත යුතු බව සඳහන් වෙයි.
එසේම සියලුම සංචාරකයන් දිවයිනට පැමිණීම සඳහා ගුවන් ගතවීමට පැය 72 ට පෙර ලබාගත් කොරෝනා පරීක්ෂණයකින් ආසාදිත නොවූවකු බවට ලියවිල්ලකින් සහතික කළ යුතු වන බව සෞඛ්‍ය අංශ පවසයි.
——–Lankadeepa———-
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති