බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ශ්‍රී ලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවකයින් 08 දෙනෙකුට කොවිඩ්-19 වෛරස ආසාදනය වී ඇති බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය තහවුරු කරනවා.
ශ්‍රී ලංකන් කේටරින් අංශයේ එක් සාමාජිකයෙකුට පසුගිය සඳුදා (14) දින කොවිඩ් -19 වෛරසය සම්බන්ධ පරීක්ෂණය සිදුකර තිබෙන අතර එහිදී ඔහු ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබුණා.
ඒ අනුව ඔහු ඇසුරු කළ තවත් සාමාජිකයින් 07 දෙනෙකුට සිදුකර තිබූ පරීක්ෂණවලින් ඔවුන් ද ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.
මේ වනවිට අදාළ ආසාදිතයන්ගේ බලපෑමට ලක්වී ඇති අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයන් ද PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්