සංචාරක ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ 3කින් යුත් පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් තරඟාවලිය එක් තරඟයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට පාකිස්තාන කාන්තා කණ්ඩායම සමත් වුණා.
ඒ, දෙරට අතර පැවැති දෙවැනි 20යි 20 තරඟයෙන් පාකිස්තානය කඩුළු 7ක ජය වාර්තා කිරීමත් සමඟයි.
කරච්චි හී දී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 102ක්.
හසිනි පෙරේරා ලකුණු 35 යි.
මෙම තරඟයේ දී ද අසාර්ථක වූ නායිකා චමරි අතපත්තු ලකුණු 5කට දැවී ගියා.
පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 17 යි පන්දුවක් අවසානයේ කඩුළු 3ක් දැවී ජයග‍්‍රාහී ඉලක්කය පසු කළා.
More Stories
දේශපාලඥයන්ට මින් පසු ක‍්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක‍්‍රීඩා අමාත්‍ය
ශ්රී ලංකා ක‍්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට